TOPවිදෙස් පුවත් මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ප්‍රහාරයකින් 23කු මරුට By Newsnow Sinhala - July 12, 2025 0 178 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ. මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ පෙරේදා (10) අලුයම 1ට පමණ වුවත්, එය විදෙස් මාධ්‍යවෙත අනාවරණය වී ඇත්තේ අද (12) දිනයේය විදෙස් වාර්තා කළේ එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝමීටර් 35ක් පමණ වයඹ දෙසින් පිහිටි සගායිං නගරයේ ලින් ටා ලූ ගම්මානයේ පිහිටි ආරමයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය. ගුවන් ප්‍රහාරයට එල්ලවන විට මෙම ආරාමයේ 150කට වැඩි පිරිසක් නවාතැන් ගෙන සිට ඇති අතර, ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි එරට බලධාරීන් පවසයි. මියන්මාරයේ වත්මන් පාලනය දරන හමුදා රජයට එරෙහිව සටන්කරන ප්‍රධාන බලකොටුවක් ලෙස සගායිං ප්‍රදේශය සැලකේ.