ඇසළ පුන් පොහොය අදයි

0
13

NEWSNOW| – බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ.

බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන පරිදි බුදු රජාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වන් පොහෝ දිනකය.

එමෙන්ම සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වන් පොහෝ දිනක ය.

බුද්ධත්වයෙන් අනතුරුව ඉසිපතන මිගදායේදි ප්‍රථමවරට පස්වග තවුසන් උදෙසා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදුකිරීම මෙන්ම බුදුරජාණන් වහන්සේ පළමු වරට යමහාමහ පෙලහරපෑම ද  අසල පුන් පොහෝ දිනක සිදුව තිබේ.

එසේම වෙහෙර විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේ වස්විසීම ආරම්භ කරනු ලබන්නේ ද ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ ය.

ඇසල පොහොය වෙනුවෙන් දිවයිනපුරා වෙහෙර, විහාරස්ථාන වල ප්‍රතිපත්ති පූජා මෙන්ම ආමිස පූජාවන්ද අද(09) දිනය පුරා පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here