NEWSNOW | – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වාර්ෂික සුහද ක්‍රිකට් තරඟාවලිය පසුගියදා පොල්හේන්ගොඩ මහාමාත්‍ය විදුහල් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
“ Nohazz Info – 2025” ශූරතාව සඳහා කණ්ඩායම් 06 ක් තරඟ වැදුණු අතර තරඟාවලියේ ශූරතාව මෙවර රජයේ චිත්‍රපට අංශය විසින් දිනා ගන්නා ලදී. එමෙන්ම, මෙහි අනුශූරතාව ප්‍රචාරක අංශය විසින් දිනා ගන්නා ලදී.
තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය “Nohazz” ආයතනය විසින් ලබා දුන් අතර, තරඟාවලිය අවසානයේ දී “Nohazz” ආයතනය විසින් සිදු කළ දිනුම් ඇදීමෙන් ලබාදුන් ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය මාධ්‍ය හැඳුනුම්පත් අංශයේ තමාලි මධුෂාණී මෙනවිය විසින් හිමි කරගන්නා ලදී.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා “Nohazz” ආයතනය නියෝජනය කරමින් සම නිර්මාතෘ ජානකි විජේසිංග මහත්මිය, ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියංග සංජීව මහතා ඇතුලු සම අනුග්‍රහය දැක්වූ ආයතන නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.