තවත් නවක මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

0
150

NEWSNOW | –  ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා පත්කෙරුණු නිශාන්ත ජයවීර, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද(09) දිවුරුම් දෙනු ලැබීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහායි මෙලෙස නිශාන්ත ජයවීරගේ නම ගැසට් කර තිබුණේ.