සුහෙයිල් නිදහස් කර ගරනීමේ සටන

0
5

NEWSNOW | – ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස 9 ක් රඳවාගෙන සිටිනු ලබන සුහයිල්ගේ පියාව සමාජ සාධාරණත්වය සඳහා වන නීතිඥයෝ (Lawyers for Social Justice) සංවිධානයේ සාමාජිකයන් පිරිසක් පසුගිය ජුනි 28 වන දින මාවනැල්ලේදී හමුවුහ. මෙසේ සුහෙයිල්ගේ පියා හමු වුවන් අතර අර්කාම් මුනීර් සහ නීතිඥවරුන් වන රෂාඩ් අහමඩ්, ඉල්හාම් හසානලි, අෂ්රෆ් මුක්තාර් සහ ඉර්ෆාන් බන්නා අදින් සිටියහ. මෙවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුවාවෙන් සුහයිල් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම පිළිබඳ සියලු තොරතුරු එම නීතිවේදින්ට සුහෙයිල්ගේ පියාගෙන් ලබා ගත්හ.

මාවනැල්ල උපන් ගම වන 20 හැවිරිදි සුහෙයිල් තම රැකියාව සඳහා කොළඹ නැවතී සිටීමට කුලියට කාමරයක් සොයමින් සිටියේය. ඒ අතරතුර දෙහිවල ඊශ්‍රායේල ජාතිකයන් නැවතී සිටින Chabad Hoñe නම් වන ගොඩනැගිල්ල අසලදී පොලිසිය විසින් 2024.10.23 දින 3.00 ට පමණ ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සුහෙයිල් සන්තකයේ ජාතික හැඳුනුම්පතක් තිබුනේ නැත. කෙසේ වෙතත්, ඔහු තම ජංගම දුරකථනයේ තිබූ තමාගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් පොලිසියට පෙන්වුයේය.

පසුව 2024.10.24 දින උදෑසන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට සුහෙයිල්ව ඉදිරිපත් කරන ලද අතර පස්වරු 4.30 ට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව නිදහස් කරන ලදී.

පසුව එදිනම, පියා සහ පුතා රාත්‍රියේ කොළඹ සිට මාවනැල්ලේ ඔවුන්ගේ නිවසට යාමට පිටත් වුහ. එනමුත් ඔවුන් දෙදෙනා නිවසට පැමිණීමට පෙරම දෙහිවල පොලිස් ස්ථානාධිපති සහ මාවනැල්ල පොලිසියේ නිලධාරින් කිහිප දෙනෙකුම සුහයිල්ගේ නිවසට පැමිණ ඔවුන් එනතුරු බලා සිටියහ.

පියා සහ පුතා පැමිණ පසු, අපි ඔබගේ පුතා දෙහිවල පොලිසියට රැගෙන ගොස්, ප්‍රකාශයක් ලබාගෙන පසුදා උදෑසන ඔහුව නිදහස් කරනවා. කිසිදේකට බය වෙන්න එපා’ යැයි දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා පවසා නැවත් සුහෙයිල්ව කොළඹට කැටුව පැමිණ තිබේ.

කෙසේ වෙතත් සුහෙයිල්ගේ පියාට සැකයක් ඇති වී මාවනැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිව දුරකථනයෙන් අමතා සිය කණස්සල්ල ගැන කියා ඇත. එයට පිළිතුරු දෙමින් ස්ථානාධිපතිවරයාද සුහයිල් පසුදා උදෑසන නිදහස් කරනු ඇති බවට සහතික විය.

නමුත්, සුහෙයිල් පසු දින එසේ නිදහස් කරන්නට යෙදුනේ නැත. පිහියෙන් ඇනුණු ඊශ්‍රායල ධජය නිරූපණය කරන ස්ටිකරයක් සුහෙයිල්ගේ ජංගම දුරකථනයේ තිබීමේ චෝදනාව මත සුහයිල් නොකඩවා පොලිස් භාරයේ රඳවනු ලැබීය.

පොලිස් බී වාර්තාවේ, මාවනැල්ලට ගොස් සුයෙහිල්ව කැටුව ආ කරුණ පොලිසිය යටපත් කර ඇත. ඒ වෙනුවට ඔක්තොම්්බර් 25 වන දින චබාද් නිවස අසල සැකකටයුතු ලෙස සැරිසැරීමේ වරදට සුහෙයිල්ව නැවත අත්අඩංගුවට ගන්නා ලදී” යනුවෙන් අසත්‍ය වාර්තාවක් ගොනු කර ඇත.

එනමුත් ඔක්තෝම්බර් 24 වන දින රාත්‍රියේ පොලිසිය මාවනැල්ලේ සුහයිල්ගේ නිවසට පැමිණ ඔහුව දෙහිවලට ගෙන ගිය බවට සීසීටීවී සහ වීඩියෝ සාක්ෂි තිබේ.

සුහෙයිල්ගේ මව සහ පියා ඔක්තෝබර් 25, 26 සහ 27 යන දිනවල පොලිස් ස්ථානවලට යමින් සහ එමින් රස්තියාදු වුහ. එවිට සුහෙයිල් අද නිදහස් කරනු ඇත හෙට නිදහස් කරනු ඇත යයි එම අසරණ දෙමව්පියන් තරයේ විශ්වාස කරමින් සිටියෝය.

පසුව 2024.10.27 ඉරු දින සුහයිල්ව ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදි. එම අවස්ථාවේදී, එම මහේස්ත්‍රාත්වරයා සුහයිල්ව දින 5 ක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කළේය.

දින 5 කට පසු, සුහයිල්ව නැවතත් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ විට, විශ්මයට පත් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා පොලිස් නිලධාරින් අමතා ිඔක්තෝබර් 24 වන දින මා විනිස් නිදහස් කළ පුද්ගලයා නැවතත් පොලිස් භාරයේ රඳවාගෙන සිටියේ ඇයි?’ යැයි ඇසුවේය. ඒ සමගම මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකින් තොරව සැකකරුගේ දුරකථනය රහස් පොලිසිය වෙත බාර දීම ගැනද මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කළේය.

එවිට සහකාර පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලද ලිපියක් මහේස්ත්‍රාත්වරයා වෙත පොලිස් පාර්ශවය ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුහයිල්ව නැවතත් දින 8 ක් රක්‍ෂික බන්ධනාගාර ගත කරන ලදි.

මේ අනුව, මුලින් දින 8 කට වරක් අධිකරණයට ඉදිරිපත් කරන ලද සුහයිල්, මේ දක්වා ඔන්ලයින් නඩු විභාග කිරීම හරහා සෑම දින 14 කට වරක් නැවත ඉදිරිපත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here