පුත්තලමේ ගර්භණී මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

0
19

NEWSNOW | –  ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ පුත්තලම සුවසේවා මධ්‍යස්ථානය සහ සමස්ත ලංකා ජමයිතුල් උලමා සභාවේ පුත්තලම නගර ශාඛාවභ එක්ව සංවිධානය කළ ගර්භණී මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද(07) පුත්තලම නගර ශාලාවේදී සාර්ථකව පැවැත්වුණි.

මෙම වැඩසටහනට අඩුදායම්ලාභී ගර්භණී මව්වරු 120කට අධික සංඛ්‍යාවක් එක්වූ අතර ඔවුන්ගේ ගර්භණී සමයේදී අවශ්‍ය භාණ්ඩ කට්ටල බෙදා දීමක් සහ ගර්භණී මාතෘ සෞඛ්‍ය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මෙහිදී සිදු කරනු ලැබීය.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මෙවැනි වැඩසටහන් හරහා ප්‍රදේශයේ ගර්භණී මව්වරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට නිරතුරුවම ආරක්ෂාකාරී සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සැලසීම සඳහා කැපවී කටයුතු කරයි.

මෙම වැඩසටහන පුත්තලම ප්‍රදේශයේ මරන්නද සමාජ සුරක්ෂිතතාවයට හා ප්‍රජා සෞඛ්‍යය උසස් කර ගැනීමට සාර්ථක දායකත්වයක් විය.

මෙවැනි කටයුතු නිරන්තරයෙන් ඉදිරියට ගෙන යාමෙන් ප්‍රදේශයේ සියලු ගර්භණී මව්වරුන්ගේ සෞඛ්‍යය සහ සුභසාධනය වඩාත් ශක්තිමත් කළ හැකිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here