ශ්‍රී ලංකාව තවදුරටත් පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කෙරේ

0
14

NEWSNOW | – ලෝක බැංකුව විසින් 2026 වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා වන රටවල් වර්ගීකරණය එළි දක්වා තිබේ.එම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය වී ඇත.

1998 වසරේදී ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටවල් කාණ්ඩයෙන් මෙම පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට උසස් කරන ලදී. 1987 සිට 2025 දක්වා කාලය තුළ සමස්ත දකුණු ආසියානු කලාපයම පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයට එක්ව තිබේ.

එමෙන්ම, ඒ ඒ රටවල් මෙම කාණ්ඩ අනුව වර්ගීකරණය කෙරෙන ආදායම් මට්ටම්ද මේ වසර සඳහා සුළු ප්‍රමාණයකින් අඩු කර ඇති බව ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.

සෑම වසරකම ජූලි 1 වන දින ලෝක බැංකු කණ්ඩායම විසින් ලෝකයේ ආර්ථිකයන් ආදායම් කාණ්ඩ හතරකට වර්ගීකරණය කරනු ලබයි .

එනම් අඩු ආදායම්, පහළ මධ්‍යම ආදායම්, ඉහළ මධ්‍යම ආදායම් සහ ඉහළ ආදායම් යනුවෙනි.

මෙම වර්ගීකරණයන් පදනම් වී ඇත්තේ පෙර වසරේ එක්සත් ජනපද ඩොලර්වලින් ප්‍රකාශිත, ඇට්ලස් ක්‍රමය (Atlas method) භාවිතයෙන් ගණනය කරන ලද ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI) මතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here