ඉන්දුනීසියානු මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන්

0
106

NEWSNOW | –  පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ඉන්දුනීසියානු බාලි දූපත අසලදී ගිලී යාමෙන් අනතුරක් සිදුව තිබේ.

එහි සිටි සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වීඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇති බව මාධ්‍ය වාර්තා වල දැක්වේ.

ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු මෙම නෞකාව පෙරළි ගිලී ගොස් ඇත.

බෝට්ටුවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළුව රථ වාහන 22 ක් ද තිබී ඇති බව වාර්තා වේ.

අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු මෙවන් විටත් සිදුකෙරෙන අතර අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි බාධා එල්ල වී බව සඳහන් වේ.