ගාසාහි දින 60ක සටන් විරාමයක් ආරම්භ කිරීමට ඊශ්‍රායලය එකඟ වූ බව ට්‍රම්ප් කියයි.

0
13

NEWSNOW | – ගාසාහි දින 60ක සටන් විරාමයක් ආරම්භ කිරීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

යුද්ධය අවසන් කිරීම සඳහා සියලු‍ පාර්ශවයන් සමඟ එක්ව කටයුතු කරන බවද සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.

ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කර ගැනීම සදහා අමෙරිකාවේ මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන අතර ඊට ඊශ්‍රායලය ද එක්ව සිටියි.

කටාරය සහ ඊජිප්තුව එහි මැදිහත්කරුවන් ලෙස කටයුතු කරයි.

ඊශ්‍රායලය මෙන්ම හමාස් සටන්කාමීන්ද සටන් විරාමය සදහා එකග විය යුතු බවත් එසේ නොවනු හොත් යුද්ධය තවත් දිග් ගැස්සෙනු ඇති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

2023 වසරේ ඔක්තෝබර් 7 වනදා ඇරඹී හමාස් – ඊශ්‍රායල ගැටුමෙන් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 56,647 ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here