මෙරට පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ඉන්දියානු ආයෝජකයින්ගේ අවධානය

0
16

NEWSNOW | –  මෙරට පවතින ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමුව ඇති බව ඉන්දියානු ව්‍යවසායකයන් ප්‍රකාශ කර තිබේ.

ඒ එම ආයෝජයකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදීය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල ආයෝජනය සම්බන්ධයෙන් ඔවුන්ගේ අවදානය යොමුව තිබේ.

ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව, මෙරට පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙරට සංචාරයක නිරත වෙති.