NEWSNOW | – අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ 2.5% වාර්ෂික බස් ගාස්තු අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක නොවන බව රජය පවසයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන පැවසුවේ බස් ගාස්තු සම්බන්ධයෙන් අවසන් තීරණය පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහල ගියේය. ඒ අනුව එම මිල වැඩිවීම බස් ගාස්තු සංශෝධනය හා ගැලපිය යුතු බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය කියා සිටියේය.
මීට පෙර ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියේ අද සිට 2.5%ක ගාස්තු අඩු වීමක් සිදු කරන බවයි.
එහෙත් එම තීරණයට බස් සංගම විරෝධය පළ කළ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඊයේ රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි වීමත් සමග බස් ගාස්තු වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.