NEWSNOW | – වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අද(27) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාදේශීය සභා සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදීය.
මේ නිසා සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව අප වාර්තාකරු පැවසීය.
පැහැරගත් මන්ත්‍රීවරුන් දෙදෙනා යළි රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇත.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 22ක් තේරී පත්වූහ.