ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවකට ප්‍රහරයක්

0
22

ඊශ්‍රායලය විසින් ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවකට ප්‍රහරයක් එල්ල කර තිබේ.

එහිදී, නිවේදිකාවක් ඊශ්‍රායලය පිළිබඳ සජීවීව විවේචනය කරමින් සිටියදී මෙම ප්‍රහරය එල්ලවී තිබේ

ප්‍රහාරයෙන් පසු රූපවාහීනි මැදිරිය දූවිලිවලින් පිරී යන අයුරුද පටිගත වී තිබුණි.

පසුව නාලිකාව සජීවි විකාශය හදිසියේම නවතා ඇති අතර කලින් පටිගත කරන ලද වැඩසටහන් විකාශය කිරීමට ආරම්භකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධියට පැයකට පෙර, ඊශ්‍රායලය ටෙහෙරානයේ රූපවාහිනී මැදිරියෙන් ඉවත් වන ලෙසද අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි.