NEWSNOW | – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ඡන්ද විමසීම සම්බන්ධයෙන් මාර්’ගෝපදේශ නිකුත් කොට තිබියදීත් ඊට පරිබාහිර අයුරින් අද(16) දින කොළඹ නගර සභාව තුළ කටයුතු කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගිකා ජයසුන්දර මහත්මියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කරයි.
කොළඹ නගර සභාවේ තනතුරු තෝරා පත්කර ගැනීමෙන් අනතුරුව අද(16) පස්වරුවේ විපක්ෂනායක කාර්’යාලයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී එම පක්ෂය මෙම තීන්දුව ගෙන තිබේ.
මෙම සාකච්ඡාවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග ජනාධිපති නීතිඥවරුන් රැසක් එක්ව සිට ඇති අතර එහිදී නීති උපදෙස් ලැබී ඇත්තේ පළාත් පාලන කොමසාරිස්වරිය නියමිත මාර්’ගෝපදේශ අනුගමනය නොකරමින් රහස් ඡන්දයකට යාමට තීරණය කොට ඇති බවය. ඒ අනුව ඇයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්’ගයන්ට යොමුවිය හැකි බවත් සාකච්ඡා කෙරුණි.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම නඩු පැවරීම සිදුකිරීමට තීරණය වී ඇති බව වාර්’ත වේ.
එමෙන්ම ඊට විපක්ෂයේ අනෙකුත් පක්ෂ සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද එහිදී තීරණය වී ඇත.