කොළඹ මහ නගර සභාවේ බලය මාලිමාවට – නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්

0
25

NEWSNOW | –  කොළඹ මහ නගර සභාවේ බලය මාලිමාවට හිමි වෙයි. ඒ නගරාධිපති ධූරය සඳහා පැවති රහස් ඡන්ද විමසීමේදේ ඡන්ද 61ක් ලබාගනිමිනි.

ඒ අනුව කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරය ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට හිමිවිය.

කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂය වෙනුවෙන් තරග කළ රීසා සාරුක්ට දිනා ගැනීමට හැකි වූයේ ඡන්ද 54ක් පමණයි.

නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළ අතර ඊට ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක්ද ඉල්ලා සිටියේය.

එහිදී රහස්‍ය ඡන්දයක් පැවැත්වීමට එකඟවූ අතර 117 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබුණි. දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි තිබේ.

මේ අනුව ඡන්ද 61ක් දිනාගත් රායි කැලී බල්තසාර් නගරාධිපති ලෙස තේරීපත්වූ අතර විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත්වූ රීසා සරුක් මහතාට ලැබුණේ ඡන්ද 54ක් පමණි. නගරාධිපතිවරියගේ යෝජනාවකට අනුව නියෝජ්‍ය නගරාධිපති ධූරයට හේමන්ත කුමාර මහතා නම් කෙරුණි.