සභිකයින් 223කගේ නම් තවම ලැබී නැහැ – මැතිවරණ කොමිසම

0
30

 

පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින් 223කගේ නම් තවම ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම නම් කඩිනමින් ලබා දෙන ලෙස ඒ ඒ දේශපාලන පක්ෂවලට යළි දැනුම් දුන් බව එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා පැවසීය.

එසේම මැතිවරණ කොමිසමට ලැබුණු සභිකයින් 107 දෙනෙකුගේ නම් ඊයේ(13) දිනයේදී මුද්‍රණය සදහා රජයේ මුද්‍රණාලය වෙත යව තිබේ.