ජර්’මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයේ තුන්වන දිනය වන අද (13) ජනාධිපති අනුර කුමාර දිසානායක එරට සංචාරක හා චාරිකා කර්’මාන්ත සංගම්වල නියෝජිතයන්ගේ හමුවකට සහභාගී වීමට නියමිතය. ඒ බර්’ලින්හිදීය.
එසේම අද දිනයේ එරට වාණිජ හා කර්’මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයට ජනාධිපතිවරයා සහභාගී වනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
තවද අද පස්වරුවේ බර්’ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු ආර්’ථික සහයෝගීතා සහ සංවර්’ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) අතර හමුවක්ද පැවැත්වීමට නියමිතය.
මේ අතර ජනාධිපතිවරයා ජර්’මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිතය.