ලන්ඩනය බලා පිටත් වූ ඉන්දියානු ගුවන් යානයක් පුද්ගලයින් 242ක් සමඟ අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරට

0
26

NEWSNOW | – අද(12) දහවල් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී ලන්ඩන් බලා ගිය එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන් ගත වී ටික වේලාවකට පසු අනතුරට ලක් වී තිබේ.

බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයේ මගීන් 230 ක් සහ කාර්’යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 242 දෙනෙකු ගමන් කළහ.

ඉන් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය.

ඊට අමතරව එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් සිට ඇත.

තුවාල ලැබූවන් ළඟම ඇති රෝහල් වෙත රැගෙන යමින් තිබේ.

ගුවන් යානය එයාර් ඉන්දියා 171 ලෙස හඳුනාගෙන ඇති අතර, එය අහමදාබාද්හි සර්’දාර් වල්ලභ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපළ දක්වා ප.ව. 1:10 ට සේවාවක් බව මාර්’ගගත ගුවන් ගමන් නිරීක්ෂකයින් පෙන්වා දුන්නේය.

අනතුරෙන් පසු ගිනි නිවන රථ හතක් ඇතුළුව හදිසි සේවා එම ස්ථානයට පිටත්ව ගොස් ඇත.