TOPදේශීය පුවත් බන්ධනාගාර දෙපාර්’තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා අස්වීම භාර දෙයි By Newsnow Sinhala - June 12, 2025 0 121 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – බන්ධනාගාර දෙපාර්’තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වෙයි. ඒ එම දෙපාර්’තමේන්තුවේ වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙතය. ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බව වාර්’තා වේ.