NEWSNOW | – වාර්’ෂිකව රෝගීන් දහස් ගණනකට සේවය කරන ආසියාවේ දෙවන පැරණිතම සහ ශ්‍රී ලංකාවේ පළමු මාතෘ රෝහලේ යටිතල පහසුකම් නවීකරණය කිරීමට මුස්ලිම් ඒඩ් ශ්‍රී ලංකා සහ ATG සමාගම් සමූහය සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කරයි. මෙය රුපියල් මිලියන 4 ක ව්‍යාපෘතියක් වන අතර මේ යටතේ කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ බාහිර රෝගී අංශය (OPD) සහ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) මෙලෙස ප්‍රතිසංස්කරණය කර තිබේ.
මෙහිදී රෝහලේ ව්‍යුහාත්මක ඉදිකිරීම් වැඩිදියුණු කිරීම්, නවීන වෛද්‍ය ගෘහ භාණ්ඩ ස්ථාපනය සහ රෝගී සත්කාර වැඩි දියුණු කිරීම සහ අනාගත ඩිජිටල් සෞඛ්‍ය ඒකාබද්ධතාවය සඳහා රෝහල සූදානම් කිරීම සඳහා වැඩිදියුණු කිරීම් ඇතුළත් විය.
ATG සමාගම එහි සුරක්ෂා – සෞඛ්‍ය සහ සුවතා වැඩසටහන හරහා මෙම ව්‍යාපෘතියට සහාය වූ අතර, ඔවුන් ශක්තිමත් ආයතනික සමාජ වගකීම මෙයින් පෙන්නුම් කළේය. මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ අනාගත රාජ්‍ය – පෞද්ගලික සෞඛ්‍ය සේවා හවුල්කාරිත්වයන් සඳහා ආදර්’ශයක් ලෙස කටයුතු කරයි.
සංවිධාන ගැන-
ශ්‍රී ලංකා මුස්ලිම් ඒඩ් ආයතනය – සෞඛ්‍ය, අධ්‍යාපනය, ජීවනෝපායන් සහ හදිසි ප්‍රතිචාර කෙරෙහි අවධානය යොමු කළ මානුෂීය ආයතනයකි.
ATG සමාගම – නවෝත්පාදන සහ ප්‍රජා සහයෝගය සඳහා කැපවී සිටින, අත්වැසුම් තාක්ෂණය සහ සේවා ස්ථාන ආරක්ෂණ විසඳුම්වල ප්‍රමුඛයෙකි.