NEWSNOW | – පොසොන් පොහොය නිමිත්තෙන් අද(09) සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.
ඒ අනුව, කොළඹ – කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය සේවා 20 ක් ක්‍රියාත්මක වන අතර අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා තවත් විශේෂ දුම්රිය සේවා 36 ක් ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
ලබන 11 වනදා දක්වා විශේෂ පොසොන් පොහොය දුම්රිය සේවාව ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්’තමේන්තුව පැවසීය.
ලංකාදීප පුවත්පතට අනුව, අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා දුම්රිය වන්දනාකරුවන් සඳහා නොමිලේ මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක වේ.
ඒ අනුව, අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා පළමු විශේෂ දුම්රිය අද දහවල් 12.30 ට ගමන් ආරම්භ කෙරේ.