දයාසිරිගේ හැසිරීම ගැන සොය විමර්ශන කමිටුවෙන් ගයන්ත ඉවත් වෙයි

0
22

NEWSNOW | – පාර්’ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පාර්’ලිමේන්තුවේ හැසිරීම විමර්’ශනය කරන ත්‍රිපුද්ගල පාර්’ලිමේන්තු කමිටුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඉවත් වී තිබේ.

කතානායක ආචාර්’ය ජගත් වික්‍රමනායක මහතා ජුනි 6 වන දින මේ බව නිවේදනය කරමින් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඔහු වෙනුවට නම් කළේය.

මැයි 20 වන දින පාර්’ලිමේන්තු සැසිවාරය අතරතුර ජයසේකර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් ලැබීමෙන් පසුව කමිටුව මුලින් පත් කරන ලදී.

එහි සභාපතිත්වය දරනු ලබන්නේ නියෝජ්‍ය සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය වන අතර විදේශ අමාත්‍ය විජිත හේරත් ද එහි සාමාජිකයෙකි. සිද්ධිය විමර්ශනය කර කථානායකවරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීම කමිටුවට පැවරී ඇත.