1972 ජුනි 05 සිට16 දක්වා ස්වීඩනයේ ස්ටොක් හෝම් නුවර පැවැති මානව පරිසරය සුරැකීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සමුළුවේ සමාරම්භක දිනය සනිටුහන් කිරීම සඳහා සැම වසරකම ජුනි 5 වන දිනය ජගත් පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ඇත.
එතැන් සිට දශක පහකට වැඩි කාලයක් පරිසරය ආරක්ෂා කර සංරක්ෂණය කිරීම පිළිබදව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීමට හා දිනෙන් දින පැන නගින ගෝලීය පාරිසරික ගැටළු පිළිබඳව ලෝක නායකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින්, එක් එක් වර්’ෂයන්හිදී විශේෂිත තේමා යටතේ ජගත් පරිසර දිනය සමරනු ලබයි.
2024 වර්’ෂයේදී කොරියානු ජනරජය විසින් සමුද්‍ර පරිසරය ඇතුළුව අනෙකුත් පාරිසරික පද්ධති වලට ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණය පිළිබඳ අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුවේ (Intergovernmental Negotiation Committee) පස්වන සැසිවාරයට සත්කාරකත්වයද සපයන ලද අතර, එහිදී එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ ප්ලාස්ටික් දුෂණය අවසන් කිරීම පිළිබඳ ඉදිරියේදී සම්මුතියකට එළඹීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් වූ අතර, ප්ලාස්ටික් දුෂණය පිළිබඳ ජාත්‍යන්තරව නීත්‍යානුකූල බැදුණු මෙවලමක් සංවර්’ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
එහිදී ගෝලීය වශයෙන් ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණයට අවසන් විසදුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම ජාත්‍යන්තර ප්‍රයත්නයට නායකත්වය ලබා දෙමින් කොරියානු ජන රජයේ සත්කාරත්වය ඇතිව 2025 ලෝක පරිසර දිනය (Ending Plastic Pollution) “ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණය අවසන් කරමු ” යන ගෝලීය තේමාව යටතේ සැමරීම සදහා කටයුතු සකස් වෙමින් පවතී.
ගෝලීය සිදුවන ප්ලාස්ටික් නිෂ්පාදනය 2000 සිට 2019 දක්වා ටොන් මිලියන 430 කට වඩා වැඩි ප්‍රමාණයක් වන අතර එයින් 2/3 ක පමණ ප්‍රමාණයක් එක් වරක් පමණක් භාවිතා කර ඉවත දමන නිෂ්පාදන වේ. ඒවා ඉක්මනින් අපද්‍රව්‍ය බවට පත් වී භාහිර පරිසරයට බැහැර කෙරේ. වර්’තමානයේ නිෂ්පාදනය කරන බොහෝ ප්ලාස්ටික් බොරතෙල් හෝ ගෑස් වලින් සාදන ලද වර්’ජින් ඝණයේ ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කිරීම හේතුවෙන් සමස්ත හරිතාගාර වායු විමෝචනයෙන් 3.4% ක් ප්ලාස්ටික් වලින් සමන්විත වන බවද පෙන්වා දී ඇත.
වාර්’ෂිකව නිෂ්පාදනය කරන ලද ප්ලාස්ටික්වලින් 12% ක් පමණක් විවිධ හේතූන් මත ගිනි තැබීමට ලක්වන අතර 10% ටත් අඩු ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය සදහා යොමුවන බවට ඇස්තමේන්තු කර ඇත. ඉතිරිය ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගොඩ කිරීම් වලට බැහැර කිරීම හා සාගර ඇතුළු බාහිර පරිසරයට මුදා හැර ඇත. තවද අවිධිමත් ක්‍රියා මාර්ග වලින් සාගරය ඇතුළු ජලජ පරිසර පද්ධති වෙත ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගලා යාම 2016 දී ටොන් මිලියන 11 සිට 2040 දී ටොන් මිලියන 29 දක්වා තුන් ගුණයකින් වැඩි වනු ඇතැයි ගණන් බලා ඇත. ප්ලාස්ටික් යනු සමුද්‍ර අපද්‍රව්‍යවල විශාලතම, වඩාත්ම හානිකර සහ වඩාත්ම නොනැසී පවතින කොටස වන අතර එය සමස්ත සමුද්‍ර අපද්‍රව්‍ය වලින් අවම වශයෙන් 85%ක පමණ ඉහළ අගයක් ගන්නා බව ද ගණනය කර ඇත.
2024 වර්ෂයේදී පමණක් ලොව මානව අවශ්‍යතා සදහා ප්ලාස්ටික් ටොන් මිලියන 500 කට අධික ප්‍රමාණයක් පරිභෝජනය කර ඇතැයි ගණන් බලා ඇත. මෙයින් ටොන් මිලියන 400 ක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ලෙස පරිසරයට එක්ව ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව, ගෝලීයව එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි විය හැකි අතර එය 2060 වන විට ටොන් බිලියන 1.2 දක්වා ළඟා විය හැකි බවට අනුමාන කර ඇත.
ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණයට අවසන් විසදුමක් ලබා දීමේ අරමුණින් 2022 මාර්’තු මස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ පස්වන සැසිවාරය කෙන්යාවේ නයිරෝබි හිදී පැවැත්විණි. එහිදී ප්ලාස්ටික් නිෂ්පාදනය, බැහැර කිරීම, ප්‍රතිචක්‍රීකරණය, තාක්ෂණික පහසුකම් ලබා දීම ඇතුළුව සම්පූණ ජීවන චක්‍රය ආමන්ත්‍රණය වන පරිදි පුළුල් ප්‍රවේශයක් මත පදනම් වු ජාත්‍යන්තර නීත්‍යානුකූල මෙවලමක් සංවර්ධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වූ අතර, සමාජික රාජ්‍ය නියෝජනය වන පරිදි අන්තර් රජ්‍ය සාකච්ඡා කමිටුවක් (Intergovernmental Negotiating Committee) පිහිටු ගන්නා ලදි.
ඒ අනුව, 2024 අවසන් වන විට ගෝලීය නීත්‍යානුකූල ගිවිසුමක් කෙටුම්පත් කිරීමේ අපේක්ෂාව ඇතිව පළමු සැසිය 2022 උරුගුවේද දෙවන සැසිය 2022 මැයි ප්‍රංශයේදීද, තුන්වන සැසිය 2023 කෙන්යාවේ නයිරෝබි හිදීද සිව්වන සැසිවාරය 2024 අප්‍රේල් කැනඩාවේද පස්වන සැසිය 2024 නොවැම්බර් දකුණු කොරියානු ජන රජයේදීද සාකච්ඡා විය.
ශ්‍රී ලංකාව ගත් කළ 2012 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා වු වසර 7 ක කාලය තුළ අමුද්‍රව්‍ය, නිමි භාණ්ඩ, ගෘහ භාණ්ඩ හා සෙල්ලම් බඩු ලෙස ආනයනය කරන ලද ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 3353.9 ක පමණ ප්‍රමාණයක් වේ. වාර්ෂිකව ආනයනය කරන ප්ලාස්ටික් ප්‍රමාණයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු වන අතර, 70% ක ප්‍රමාණයක් සෘජු හෝ වක්‍රාකාරයෙන් පරිසරයට බැහැර කෙරේ. 2020 වසරෙහි ජනනය වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 938.42 කි. මින් නැවත එකතු කර ඇත්තේ මෙට්‍රික් ටොන් 300 ක් පමණ වන අතර මෙට්‍රික් ටොන් 260 ක් විවෘත කසල ගොඩවල ද මෙට්‍රික් ටොන් 38ක් පමණ ප්‍රතිචක්‍රීකරණය සඳහා ද යොමු වේ. එකතු නොවන ප්ලාස්ටික් ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 638 ක් වන අතර මෙයින් දිනකට මෙට්‍රික් ටොන් 8.45ක් පමණ ස්වභාවික ජල ප්‍රභව තුළට බැහැර කරන බව සොයාගෙන ඇත (2020 ජාතික විගණන කාර්යාලයේ පරිසර විගණන අංශයේ වාර්තාව)
එසේම ප්ලාස්ටික් බහාලුම් වැනි ජලය රැදෙන ද්‍රව්‍ය භාහිර පරිසරයට මුදා හැරීමෙන් ඒවායේ ජලය රැදීමෙන් මැසි මදුරු උවදුරු උස්සන්න වීමෙන් ඩෙංගු වැනි මාරාන්තික බෝ වෙන රෝගවල ඉහළ යාමද මානව සෞඛ්‍ය වෙත එල්ල වන ප්‍රබල අභියෝගයකි. එලෙසම පොලිතීන් ප්ලාස්ටික් නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් කාණු පද්ධතිය හා ඇල මාර්ග අවහිර වීමෙන් ජලය ගලා යා නොහැකිව විශේෂයෙන්ම කොළඹ ඇතුළු තදාසන්න නාගරික ප්‍රදේශ කුඩා වර්ෂාවකදී පවා ගංවතුර තත්වයන් ඇතිවීම සුලභ කාරණයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම තත්ත්වය යටතේ මෙම ප්‍රදේශ වල ජීවත්වන ජනතාව අවතැන් වුවන් ලෙස පත්වන අතර ඒ මගින් ඔවුන් මුණ පාන සමාජ ආර්ථික ගැටළු වලට විසදුම් ලබා දීම අප වැනි රටකය තවත් අභියෝගයකි.
ප්ලාස්ටික් භාවිතය හා අවිධිමත් බැහැරලීම හේතුන් ඇති වී තිබෙන පාරිසරික, සෞඛ්‍ය, සමාජ හා සංස්කෘතික ගැටලු වැළැක්වීම සඳහා ලෝකයේ බොහෝ රටවල් ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදනය හා භාවිතය පාලනය සඳහා නෛතික ක්‍රමවේදයන් හදුන්වා දී ඇත. ශ්‍රි ලංකාවද විවිධ අවස්ථාවලදී ප්ලාස්ටික් පොලිතීන් නිෂ්පාදන ගණනාවක් ආනයනය, නිෂ්පාදනය, වෙළෙඳාම හා භාවිතය තහනම් කිරීමට ලක් කිරීම හා ඒ සදහා අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කර ඇත.
ඒ අනුව වර්’තමාන රජයේ ප්‍රමුඛ වැඩ සටහනක් වන Clean Sri Lanka වැඩ සටහනේ පරිසර කුළුණ යටතේ පරිසරයට ආදරය කරන සමාජයක් බිහිකිරීම ප්‍රධාන අපේක්ෂාව වේ. පරිසරය සුරැකීම හා තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා වන විවිධ ක්‍රියාකාරකම් සඳහා ජනතාව එක් කරගැනීම පිණිස ලෝක පරිසර දින තේමාව හා එක් වෙමින් ජනතාව විවිධ ක්‍රියාකාරකම් සඳහා බද්ධ කරගැනීම මේ අනුව සිදුකරගනිමින් පවතී.” ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන ” යන මැයෙන් යුතුව ඉදිරිපත් කර අනුමැතිය ලැබී ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව ” ජාතික පරිසර සතිය ” මැයි 30 සිට ජුනි 05 දක්වා ප්‍රකාශයට පත් කර තිබුණි.
මෙයට සමගාමීව ජාතික පරිසර සතිය තුළදී රාජ්‍ය ආයතන පෞද්ගලික පාසල්, අංශය වැවිලි සමාගම්, සිවිල් සංවිධාන වල මූලිකත්වයෙන් ප්‍රජාවගේ, රාජ්‍ය නොවන සංවිධාන හා වතු ක්ෂේත්‍රය සහභාගීත්වයෙන් විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කරමින් පරිසර සංරක්ෂණ වැඩසටහන්
මීට සමගාමීව ජගත් පරිසර දිනය යෙදෙන ජුනි 05 ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා දේශපාලන අධිකාරියේ සහභාගීත්වයෙන් ජාතික සැමරුම් උළෙල කෑගල්ල දිස්ත්‍රික්කයේ නිදහස් මාවත පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
එබැවින් ඔබත්, පුරවැසියෙකු ලෙස පරිසර සතිය තුළ ඔබගේ සක්‍රීය දායකත්වය මෙම සත්කාර්යය වෙතයොමු කිරීමෙන් වඩාත් තිරසර අනාගතයක පෙරගමන්කරුවෙකු වීමේ ප්‍රීතිය ඔබට අත්විඳිය හැකිය.