සම්බුදු සසුනට මැණික් ආසනයක් පූජා කිරීමේ මහා පිංකම ලබන 07 වනදා නාගදීප රාජමහා විහාරයේදී

0
106

NEWSNOW | – රත්නපුරෙ මැණික් ව්‍යාපාරික පිංවතුන් විසින් සම්බුදුසසුනට මැණික් ආසනයක් පූජා කිරීමේ මහා පිංකම එළඹෙන 07වන සෙනසුරාද නාගදීප රාජමහා විහාරයේදී පැවැත්වේ.

අමරපුර මහනිකායෙ ශ්‍රීමත් මහානායක අතිපූජ්‍ය ආචාර්’ය මාදම්පාගම අස්සජි මාහිමිගේ සුරතින් (07) නාගදීප රාජමහා විහාරයේදී මෙම මැණික් ආසනය සම්බුදුසසුනට පිදෙන වගයි.

ඒ අනුව මෙම මැණික් ආසනය අද(03) දින පස්වරුවේ කැළණිය රජමහා විහාරස්ථානය වෙත වැඩමවා, හෙට (04) දිනයේ දඹුල්ල රජමහා විහාරයටත් වැඩම කරයි.

අනතුරුව 05 වනදා රුවන්වැලි මහාසෑයටත්, එතනින් වවුනියාව, කන්කසන්තුරේ, යාපනය නාගදීප විහාරස්ථානය වෙතත් වැඩම කරනු ලබයි.පිං කැමැත්තෝ සහභාගී වී පින් අනුමෝදන් කර ගනු මැනවි.