අනුදි ගුණසේකර යළි දිවයිනට

0
24

NEWSNOW | –  72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා සහභාගී වූ අනුදි ගුණසේකර අද(02) යළි දිවයිනට පැමිණ තිබේ.

ඉන්දියාවේ තෙලඟනා හයිද්‍රාබාද් හි පැවති අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා නුවර දී පැවැත්වූ අතර ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් ඊට සහභාගී වූහ.

එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතර පිවිසීමේ හැකියාව අහිමි විය. ඒ සමඟම ශ්‍රී ලංකාවේ ලෝක රූ රැජින බලාපොරොත්තුව බිඳවැටුණි.

එ‍මෙන්ම 72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී පසුගිය දා පැවැති තරගවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇය සමත් වුවාය.ඒ අනුව ඉතිහාසයේ පළමුවරට එම අංශවලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය බවටද පත්වෙමිනි.