ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට, ආරක්‍ෂාව සහ නිදහස වෙනුවෙන් සමතුලිත ප්‍රවේශයක් අවශ්‍යයි!

0
26

නීතිඥ මාස්.එල්.යුසුෆ් – (LLb ගෞරව)

1978 අංක 48 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම හා සම්බන්ධ ආන්දෝලනයේ ප්‍රවේගය දිනෙන් දින උත්සන්න වෙමින් පවතියි. මෙම විරෝධතාවය සඳහා වන හේතු අතර මානව හිමිකම්, ව්‍යවස්ථාමය පාලනය සහ නීතිමය සම්මතයන් ආදිය කෙරෙහි එහි ඍණාත්මක බලපෑම් සමහරකි. අතීතයෙහි ජාතික ආරක්ෂාවට වඩා රජයට විරුද්ධ වන්නන් මර්’දන කිරීමේ අවියක් ලෙසින් මෙම පනත යොදා ගැනීම කරන කොට ඇති වුනු දෙස් විදෙස් අපකීර්’තිය ගැන කොතෙකුත් කතා කරන්නට මා අදහස් නොකරමි. පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර වෙනත් පනතක් ගෙන ඒම මගින් පෙර සිදුකළ අයුතුකම් සුවසේ කෙරෙනු නිසැකයෙන්ම පෙනෙන බව පමණක් කියනු කැමැත්තෙමි. එය පරණ වයින් අළුත් බෝතලයකට දැමීම වැනි විහිළුවක්මය. කළ යුත්තේ පවතින යල්පිනු පීඩාකාරී පනත දෙවරක් නොසිතා සම්පූර්’ණයෙන්ම අවංලගු කර දැමීමය.

The Politics of the Prevention of Terrorism Act (PTA) and PTA Reform – Sri  Lanka Campaign

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම සහ ජාතික ආරක්ෂාව සහ සිවිල් නිදහස සමතුලිත කරමින් දැනට ඇති ත්‍රස්ත විරෝධී විධිවිධාන පවතින නීති රාමුව තුල ඒකාබද්ධ කිරීමේ තාර්’කානුකූල නැණවත් බව පැහැදිලි කිරීමට මෙම ලිපිය වෑයම් කරය. මෙවන් විචාරවත් පියවරකට කේන්ද්‍රීය වන්නේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් වන වගවීමේ යාන්ත්‍රණයන්යයි.
පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම සඳහා ඇති බලගතු හේතු කිහිපයක් පහත සඳහන් කෙරේ.
1. රජයේ පිළිගැනීම: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අඩුපාඩු බොහෝ තිබීම, එහි අකාර්’යක්ෂමතාව සහ පීඩාකාරී ස්වභාවය
2. මානව හිමිකම් උල්ලංඝනය: විධිමත් චෝදනා නොමැතිව අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සඳහා වන බලතල එහි තිබීම
3. නිසි නෛතික ක්‍රියාවලිය: අධිකරණයකට ඉදිරිපත් නොකර අඛණ්ඩව පුද්ගලයෙකු රඳවා තබා ගැනීම සහ නිසි නෛතික ක්‍රියාවලියක් නොමැතිව සාධාරණ නඩු විභාගයකට ඔහුට ඇති අයිතිය උල්ලංඝනය කිරීම
4. වධහිංසා පැමිණවීම/බලහත්කාරය: ව්‍යවස්ථාමය සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් කටඋත්තර/පාපොච්චාරණ ලබා ගැනීම සඳහා පුද්ගලයින්ට කෲර ලෙසින් වධ දීම.
5. සුළු ජාතීන් ඉලක්ක කිරීම: වාර්’ගික වෙනස්කම් දැක්වීමේ පදනමින් දෙමළ සහ මුස්ලිම් සුළු ජනකොටස්වලට එරෙහිව යොදා ගැනීමේ ප්‍රවණතාවය.
6. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් මර්’නය කිරීම: අදහස් ප්‍රකාශ කිරී්මේ අයිතිය උදුරා ගන්නා අටියෙන් මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන්, සිවිල් සමාජ සංවිධාන සහ විරුද්ධ මතධාරීන් මර්’දනය කිරීමට පනතට හැකි වීම.
7. ව්‍යවස්ථාමය අයිතිවාසිකම් උල්ලංඝනය: සාමකාමීව රැස්වීමේ අයිතිය, නීතිය යටතේ සමානව සලකනු ලැබීම සහ නිදහස, බල රහිත කර තිබීම.
8. අධිකරණ සමාලෝචනය සහ මැදිහත්වීම නොමැතිකම: ආරක්ෂක අංශවලට සහ පොලිසියට ප්‍රමාණවත් නීතිමය නියාමන් නොමැතිව අධික බලතල ලබා දී තිබීම සහ එහි ප්‍රතිවිපාකයක් ලෙසින් එම ආයතන දණ්ඩ විමුක්තියෙන් කටයුතු කිරීම.
9. ජාත්‍යන්තර පීඩනය සහ ආර්’ථික ඵලවිපාක: යුරෝපා සංගමය සහ අනෙකුත් ගෝලීය ක්‍රියාකාරීන් GSP+ පහසුකම වැනි අපනයන වෙළඳ ප්‍රතිලාභ අහිමි වී යාම.
10. ත්‍රස්තවාදය වැළැක්වීමේ අකාර්’යක්ෂමතාව: ත්‍රස්තවාදය අඩු කිරීමට/වැළැක්වීමට අසමත් වීම, තනි පුද්ගල අයිතිවාසිකම්වලට වඩා ජාතික ආරක්ෂාවට අසාධාරණ ලෙසින් ප්‍රමුඛතාවයක් ලබා දීම සහ එනිසා රට වැසියන් අතර බිය සහ අවිනිශ්චිතතාවයක් ඇති කර තිබීම.
11. ජගත් ප්‍රඥප්තිවලට පටහැනි වීම: ශ්‍රී ලංකාවද පාර්’වකරුවෙකු වන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR), වධහිංසාවට එරෙහි සම්මුතිය වැනි ගෝලීය මානව හිමිකම් ගිවිසුම්වලට පටහැනි වීම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන පනත අවලංගු කරන ලෙස නැවත නැවතත් අවධාරණය කර තිබීම.
12. නීතියේ ආධිපත්‍යය: මෙම පනත මගින් නීතියේ ආධිපත්‍යය දුර්’වල වීම සහ එය අවලංගු කිරීම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සහ ව්‍යවස්ථාපිත පාලනය කෙරෙහි විශ්වාසය ශක්තිමත් කිරීමේ හැකියාව තිබීම.

ඒකාබද්ධ ක්‍රියාරාමුව

පනත අවලංගු කිරීමේ අවංක අරමුණ ත්‍රස්ත විරෝධී පියවර අත්හැරීම නොවේ. පවතින නීති රාමුව තුළ ප්‍රතිසංස්කරණ එක් කිරීම ත්‍රස්තවාදයට සම්බන්ධ අපරාධ ක්‍රියා වැළැක්වීම, ඒවාට විරුද්ධව පියවර ගැනීම සහ නඩු පැවරීම ආදියට සෘණාත්මකව බලපානු ඇත. මෙම ප්‍රතිසංස්කරණ මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අඩුපාඩු ඉවත් කරන අතර මානව හිමිකම්වලට ගරු කරන, නීතියේ ආධිපත්‍යය තහවුරු කරන, අධිකරණ සමාලෝචනය සහතික කරන, ජාත්‍යන්තර නීතිය යටතේ බැඳීම් පිළිගන්නා, මානුෂීය නීති, වගවීමේ පරීක්ෂාවන් සහ තුලනයන් අනුගමනය කරන නීති සැලසුම් කරනු ඇත.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා සලකා බැලිය හැකි සාධක – ඒවා අංග සම්පූර්’ණ නොවූවද – පහත පරිදි වේ:

1. දණ්ඩ නීති සංග්‍රහයේ ත්‍රස්තවාදය අර්’ දැක්වීම: පැහැදිලිබව සහ නිශ්චිතභාවය සඳහා 2004 වර අංක 1566 දරණ එජා ආරක්ෂක මණ්ඩල යෝජනාවට අනුකූලව ත්‍රස්තවාදය පිළිබඳ අර්’ථ දැක්වීමක් ලබා දිය යුතුය.
2. ත්‍රස්තවාදී ක්‍රියා අපරාධකරණය කිරීම: මිනීමැරුම්, මංකොල්ලකෑම්, පුද්ගලයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගැනීම සහ බෝම්බ හෙලීම වැනි අපරාධ ක්‍රියා ආදිය දැනටමත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ආවරණය කර ඇත. ත්‍රස්තවාදයේ නිර්වචනයට අයත් අතිරේක ක්‍රියාවන් බරපතල බවට පත් කරන සාධකයක් ලෙස ඇතුළත් කිරීමට මෙම විධිවිධාන සංශෝධනය කළ හැකිය. එසේම, එවැනි අවස්ථාවන්හිදී දඬුවම් වැඩිකිරීම සඳහාද විධිවිධාන සැපයිය හැකිය.
3. අපරාධ නඩු විධාන සංග්‍රහය (CPC): රඳවා තබා ගැනීම සහ ප්‍රශ්න කිරීමේ ක්‍රියා පටිපාටි මෙන්ම බරපතල වැරදි සඳහා දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම ආදිය අධිකරණයේ අවසරය ඇතිව පමණක් සිදු කරන ආකාරයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කළ යුතුය. නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීමේ උපරිම කාලය මාස තුනක් විය යුතු අතර එය තියුණු අධිකරණ අධීක්ෂණයකටද යටත් විය යුතුය. මෙම විධිවිධානය අපයෝජනය කරනු ලැබීම වළක්වා ගැනීම සඳහා පැහැදිලිව දක්වා ඇති සුවිශේෂී තත්වයන් යටතේ වැඩි කාලයක් රඳවා තැබීමට අවසර දිය හැකිය.

4. රැඳවුම් නියෝග පිළිබඳ අධිකරණ සමාලෝචනය: රැඳවියාගේ නීතිමය නියෝජනය සමඟ, අඛණ්ඩව රඳවා තබා ගැනීමේ අවශ්‍යතාවය සහ නීත්‍යානුකූලභාවය තක්සේරු කිරීම සඳහා – සෑම සති දෙකකට වරක් හෝ දින තිහකට වරක් වැනි- නිශ්චිත කාල පරතරවල, රැඳවුම් නියෝග සමාලෝචනය කිරීමට විනිසුරුවරයෙකුට හැකි වන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන සිදු කළ යුතුය.
5. අනිවාර්’ය අධිකරණ නියෝගය: පැය 24 ට වැඩි කාලයක් රඳවා තබා ගැනීම සහ ත්‍රස්තවාදයට අදාළ නඩුවලදී දේපළ සෝදිසි කිරීම් සඳහා මහේස්ත්‍රාත්වරයෙකුගේ අවසරය ලබා ගැනීම අනිවාර්’ය විය යුතුය. මෙම ක්‍රියාවල නීතිමය සාධාරණීකරණය සහතික කිරීම සහ අපයෝජනය වැළැක්වීම මෙහි අරමුණු වේ.
6. සාක්ෂි ආඥා පනත: වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCAT) සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) බලහත්කාරයෙන් ලබා ගත් කට උත්තර සහ පාපොච්චාරණ නුඩවකදී භාවිතා කිරීම තහනම් කරයි. සාක්ෂි ආඥා පනතට සංශෝධන අවශ්‍ය වන්නේ මෙම ජාත්‍යන්තර බැඳීම් සමඟ සමපාත වීමට වන අතර වධහිංසා පැමිණවීම, බලහත්කාරය, පීඩනය ඇති කිරීම හෝ බිය ගැන්වීම හරහා ලබාගත් කටඋත්තර/පාපොච්චාරණ නඩුවකදි භාවිතා කිරීම පැහැදිලිවම තහනම් කරයි. බලහත්කාරය යොදා ඇති බවට හෝ අයුතු ලෙස සලකා ඇති බවට සාක්ෂි ඇති විටෙක එවැනි කටඋත්තර සහ පාපොච්චාරණ බැහැර කිරීමට අධිකරණයට බලය ලබා දිය යුතුය. බලහත්කාරයෙන් ලබා ගත් කටඋත්තර සහ පාපොච්චාරණ පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා ස්වාධීන අධිකරණ සමාලෝචන යාන්ත්‍රන පිහිටවිය යුතුය.
7. ඇප ලබා දීම: ත්‍රස්තවාදයට අදාළ නඩුවලදී සම්මත නීතිමය නිර්’ යක, මහජන ආරක්ෂාවට ඇති තර්ජනය සහ සාක්ෂිවල ශක්තිය මත පදනම්ව, ඇප ලබා දීමේ අභිමතය විනිසුරුවරුන්ට ලබා දිය යුතුය.
8. ප්‍රචණ්ඩ නොවන වැරදි සඳහා වන ඇප: ත්‍රස්ත විරෝධී නීති යටතේ ප්‍රචණ්ඩකාරී නොවන වැරදි සහ සමාජ මාධ්‍ය හෝ වචනයෙන් සිදුකරනු ලබන වැරදි සඳහා ඇප ලබා දීම විෂයයෙහි ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතුය.
9. ප්‍රවේශය: රඳවා තබා ඇති සෑම පුද්ගලයෙකුටම නීති උපදෙස්, සෞඛ්‍ය සේවා සහ පොදු සුභසාධනය වෙත ප්‍රවේශ වීමේ අයිතිය සහ හැකියාව තිබිය යුතුය. සැකකරුවන් හමුවීමට පවුලේ අය පැමිණීමට ආරම්භයේ සිටම අවසර දිය යුතු අතර සිවිල් සමාජ සංවිධානවලට රැඳවුම් මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමටද අවසර දිය යුතුය.
10. බුද්ධිමය තොරතුරු සහ නිරීක්ෂණ: බුද්ධිමය බලතල සහ නිරීක්ෂණ අනිසි ලෙස භාවිතා කිරීම ගැන විමසිලිමත් වෙමින් එය නියාමනය කිරීම සඳහා ස්වාධීන අධීක්ෂණ ආයතනයක් ස්ථාපිත කිරීම අතිශය වැදගත් වේ. මේ සැම පුරවැසියෙකුගේම අයිතිවාසිකම්වලට ගරු කරමින් සිදු කළ යුතුය. විදුලි සංදේශ සහ සයිබර් ආරක්ෂණ නීතිවල සංශෝධන සිදු කරන විට ඒ සඳහා අධිකරණ වරෙන්තු ලබා ගැනීම අනිවාර්’ය කළ යුතුය.
11. වත්කම් සහ මූදල්: පුද්ගලයන්ගේ වත්කම් සහ මූදල්වලට ඇති ප්‍රවේශයට අගුලු දැමීම (freezing) ආදිය අධිකරණවල අවසරය යටතේ පමණක් සිදු කළ යුතුය. එවැනි නියෝග කාලානුරූපී වන අතර අභියාචනයට යටත් විය යුතුය.
12. විධායක බලය: රැඳවුම් නියෝගවලට අත්සන් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය ඉවත් කළ යුතුය.

Sri Lanka: FMM condemns unlawful arrest of protesters is as freedom of  expression violation • Sri Lanka Brief

සමස්ත අරමුණ

යුක්තිය පසිඳලීම සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා, විනිවිදභාවය, වගවීම, අපයෝජනය කිසිවක් නොවනු සහතික කිරීම ආදිය අත්‍යවශ්‍ය වේ. ආරක්ෂක අංශවලට සහ පොලිසිය වනි ආයතනවල නිලධාරීන්ට දණ්ඩමුක්තියෙන් ක්‍රියා කිරීමට කිසිසෙත් ඉඩ නොදිය යුතුය. ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රඥ්පති සමඟ ප්‍රතිසංස්කරණ අනුගත වීමද අනිවාර්’ය වෙයි. අධිකරණ අධීක්ෂණය ශක්තිමත් කළ යුතු අතර තනි පුද්ගල අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරන විධායක බලතල සියල්ල අහෝසි කළ යුතුය.

The Problem Of The People - Colombo Telegraph

මේ සියල්ල අනුව ප්‍රතිසංස්කරණවල සමස්ත අරමුණ විය යුත්තේ මහජනතාවගේ අයිතිවාසිකම් බිල්ලට නොදි ඔවුන්ගේ සාධාරණ ආරක්ෂාව සහතික කිරීමයි. වෙනත් ලෙසකින් කියනවා නම් ජාතික ආරක්ෂාවේ මුවාවෙන් ප්‍රජා නිදහස, මානව ගරුත්වය සහ නීතියේ ආධිපත්‍යය බිලි නොගත යුතුය.

(නීතිඥ – මාස් එල් යුසුෆ් (LLb – ගෞරව) London – කලක් එක්සත් එමීර් රාජ්‍යවල ජනාධිපතිවරයාගේ පුද්ගලික අංශයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළේය. (ctcolumn@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ඔහු හා සම්බන්ධ විය හැකිය).