සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත් ගැසට් කරයි

0
134

NEWSNOW | – සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා අවශ්‍ය විධි විධාන ගැනීමට අදාළ පනත් කෙට්ම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්’ථික සංවර්’ධන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යවරයාගේ නියෝග පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීම, තුරග තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත, සූදු ආඥා පනත සහ කැසිනෝ ආඥා පනත ඉවත් කිරීම ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත සකස් කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව සූදූ ක්‍රීඩා නියාමන අධිකාරි පනත යනුවෙන් හඳුන්වාදීමට නියමිතය.