මෙවර හජ් සැමරුම ජුනි 07 වනදා මහ පල්ලිය දැනුම් දෙයි

0
19

NEWSNOW | –   මෙවර හජ් උත්සව සමරුම් දිනය පිළිබඳව කොළඹ මහ පල්ලිය අද(28) නිවේදනය කළේය.

ඒ අනුව 2025 ජුනි 07 වන දින හජ් උත්සවය සමරන බව එම නිවේදනයේ දැක්වේ.

හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව හිජ්රි 1446 දුල් හිජ්ජහ් මාසයේ හිලාල් (නවසඳ) අද (28) දින දිස්වී ඇත.

ඒ අනුව 1446 දුල් හිජ්ජහ් මාසයේ පළමු දින මැයි 29  වනදා බවට කොළඹ මහ පල්ලිය ඒකමතිකව ප්‍රකාශ කර තිබේ.