ඉන්දියාවේ කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළට

0
131

NEWSNOW | –  ඉන්දියාවේ කොරෝනා රෝගීන් 1,009ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

අගනුවර වන දිල්ලි හී අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවත් එම වාර්තා වල දැක්වේ.

කේරළය, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව කේරළයේ රෝගීන් 430ක් මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ රෝගීන් 209ක්, ගුජරාටයේ රෝගීන් 83, කර්ණාටක 47ක්, උත්තර් ප්‍රදේශ් හී රෝගීන් 15ක් සහ බටහිර බෙංගාලයේ රෝගීන් 12ක් මේ අනුව වාර්තා වී ඇත.

කොවිඩ් මරණ 4ක් මහාරාෂ්ට්‍රයෙන්ද මරණ දෙකක් කේරළයෙන් සහ එක් මරණයක් කර්ණාටකයෙන්ද වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශය කියයි.