අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී සිදුකිරීමට නියමිතය.
‘හෙල සිනමාවේ නිළි රැජිණ‘ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ රංගන ශිලිපිණී මාලිනී ෆොන්සේකා මහත්මිය පසුගිය (24) වනදා සිය ජීවන ගමන නිම කළාය.
මිය යන විට 78 වන වියේ පසුවු මාලනී ෆොන්සේකා මහත්මිය, ‘වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා’ නමින් 1947 අප්‍රේල් මස 30 වනදා කැළණියේ දී උපත ලබා තිබේ.
ඇය සිය රංගන ජීවිතය ආරම්භ කරන්නේ 1963 වසරේ ‘නොරත රථ‘ වේදිකා නාට්‍යයෙනි. ඉන්පසුව 1968 වසරේදී තිරගත වූ ‘පුංචි බාබා‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණු ඇය දශක 06කට ආසන්න කාලය තුළ චිත්‍රපට 150කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත.
විශිෂ්ට සිනමා නිර්මාණ රැසක් මෙරට සිනමා ක්ෂේත්‍රයට දායාද කිරීමට මාලිනි ෆොන්සේකා මහත්මිය සමත් වූවාය.