මියගිය රණවිරුවන් සිහිකරමින් පුත්තලමේදී රණවිරු සැමරුමක්

0
19

NEWSNOW |  – 16 වන රණවිරු සැමරුම් උත්සව දිනයට සමගාමීව පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ නගර සභා ළමා උද්‍යානය තුළ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකය අසලදි මියගිය රණවිරුවන් සිහිකරමින් අද (23) දින පෙරවරුවේ පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් පවත් වුණි.

යුධ හමුදා විශ්‍රාමික බලලත් නිලධාරී D.J.M.S.P. පතිරාජ යන අය විසින් සංවිධානය කර ඇති අතර මෙම අවස්ථාව සදහා පුත්තලම ප්‍රදේශයේ සර්ව අගමික නායකයන්, ත්‍රිවිධ හමුදා පොලිස් නිලධාරීන්, රජ්‍ය නිලධාරී හා යුදධයෙන් මියගිය රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයන් ඇතුළුව 60 පමණ පිරිසක් සහභාගි වී සිටියහ.