රජයේ මුස්ලිම් පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

0
222

NEWSNOW | – රජයේ මුස්ලිම් පාසල් වල පළමු පාසල් වාරය අවසන් වී ඇති නිසා එළඹෙන 26 හා 27 යන දින මුස්ලිම් පාසල් වලට නිවාඩු ලබාදී තිබුණි. නමුත් එම දින දෙකේ(26,27) සමාන්‍ය පරිදි පාසල් කටයුතු පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (මුස්ලිම් පාසල් අංශය) මේජර් ටි. එන්. නසුමුදීන් මහතා දැනුම් දී ඇත.

ඒ වෙනුවට 2025. 06. 06 හා 2025.06.09 දින වල එම පාසල් නිවාඩුව මුස්ලිම් පාසල් සඳහා ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. අමාත්‍යාංශයෙන් නිල වශයෙන් දැනුම්දීම ඉදිරියේදී සිදු කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.