NEWSNOW| – අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මේ මස 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඔහු රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව අත්අඩංගුවට ගැනුණි.
ඉන්පසු සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
කෙසේ නමුත් ආරක්ෂක හේතුන් මත ඔහුව යාපනය බන්ධනාගාරය වෙත මාරුකිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.