විශ්වවිද්‍යාල තුළ සිදුවන ලිංගික සූරාකෑම පමණක් නොව, එහිදී කාන්තාවන් මුහුණ දෙන පුළුල් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් (SRHR) අභියෝග ගැන චිත්‍රපටයෙන් විග්‍රහ කරයි

0
26

තම කෘතිය සාකච්ඡා කිරීමේ මුවාවෙන් ශිෂ්‍යාවකගේ නිබන්ධනය සඳහා ලකුණු ලබා නොදෙන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියකි. නමුත් ඔහුගේ ක්‍රියාව තුළ ගැබ්ව ඇති සැබෑ අරමුණ වටහාගන්නා ශිෂ්‍යාවක්, ඒ තුළින් ඔහු සිඳු කිරීමට උත්සහ කරන ලිංගිකමය බලපෑමට එරෙහිව ක්‍රියාමාර්’ග ගැනීමට තීරණය කරයි. මහාචාර්’යවරයාගේ ඉල්ලීම්වලට යටත් නොවී, ඇය දක්ෂ ලෙස තම කාන්තා සහ පිරිමි මිතුරන් දෙදෙනාම ඇය සමඟ මහාචාර්’යවරයාගේ නිල නිවාසවලට ගෙන එයි. ඇයගේ එම පියවර මහාචාර්’යවරයාගේ ඇය කෙරෙහි ඇති බලය උදාසීන කරන අතර, අවදානමට එරෙහිව ඔවුන් ගන්නා සහයෝහීතාවයේ පියවර ප්‍රේක්ෂකාගාරය අභිප්‍රේරණය කරන සුළු එකකි. එසේ කිරීමෙන්, ඇය ලිංගික අල්ලසට විරුද්ධ වනවා පමණක් නොව, අධ්‍යයන අවකාශයන්හි බහුලව දක්නට ලැබෙන පද්ධතිමය බලය අනිසි ලෙස භාවිතා කිරීම ද හෙළි කරයි. වවුනියාව විශ්ව විද්‍යාලයේ ELEVATE චිත්‍රපට තිරගත කිරීමේ සහ විද්වත්සා කච්ඡාවේදී වඩාත් කතාබහට ලක් වූ චිත්‍රපටයක් වන Power මෙම කෙටි චිත්‍රපටය, ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ලිංගික අල්ලස් පිළිබඳ ගැටළු සහ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලවල කාන්තා බලගැන්වීම පිළිබඳ පුළුල් උත්සුකයන් විසඳීමට උදෙසා නිර්මාණය කරන ලද්දකි. අධ්‍යයන මට්ටමින් පවා මෙම ගැටළු සඳහා අව්‍යාජ පිළිගැනීමක් තිබීම කැපී පෙනෙන අත්දැකීමක් වූ අතර, මෙම චිත්‍රපටය සාකච්ඡා කිරීමේදී ඉතා විවෘත මනසකින් සාකච්ඡා කිරීමේ වැදගත්කම විද්වත් මණ්ඩලය දක්වන ලදී. මෙය ධනාත්මක ලකුණක් වූ අතර එවැනි ගැටළු පිළිබඳව අව්‍යාජ සහ අවංකව කතා කිරීමට විවෘත සහ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මෙය විසඳීමට කැමති විද්‍යාර්’ථයන් වීමට දිරිගන්වන සුළු විය.

චිත්‍රපටය විශ්වවිද්‍යාල තුළ ලිංගික සූරාකෑම පමණක් නොව, විශ්ව විද්‍යාල අවකාශයන්හි කාන්තාවන් මුහුණ දෙන පුළුල් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් (SRHR) අභියෝග සමඟ සම්බන්ධව අදහස් දක්වයි. එහිදී ඔවුන්ගේ හැකියාවන් පෝෂණය කළ යුතු අතර ඔවුන්ව එය සීමා නොකළ යුතුය.

2025 පෙබරවාරි 19 වන දින පැවති 5 වන ELEVATE චිත්‍රපට ප්‍රදර්’ශනය සහ විද්වත්සා කච්ඡාව, කෙටි චිත්‍රපට ප්‍රදර්’ශන කිරීමකට වඩා වැඩි සමාජ ප්‍රතිසංස්කරණ කාර්’යය සදහා ලබාගත් උත්ප්‍රේරණයක් විය. මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතා මධ්‍යස්ථානය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වූ මධ්‍යස්ථානය සහ වවුනියාව විශ්ව විද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වූ මධ්‍යස්ථානය සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම අවස්තාව, සිනමාවේ බලය හරහා කාන්තා හඬ අවධි කිරීම අරමුණු කර ගෙන ඇත. කාන්තා උපාධි අපේක්ෂක චිත්‍රපට අධ්‍යක්ෂකවරියන් විසින් අධ්‍යක්ෂණය කරන ලද කෙටි චිත්‍රපට දහයක්, සමීප සහකරු හිංසනය, ඔසප් ගැටළු, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ඒකාකෘති වටා අපකීර්’තියට පත් කිරීම සහ කාන්තා ශිෂ්‍යාවන්ගේ අනාරක්ෂිත ගබ්සා කිරීම් සම්බන්ධ ගැටළු වැනි ගැටළු ආමන්ත්‍රණය කළේය.

දැඩි සංවාදයක් ඇති කළ තවත් කැපී පෙනෙන චිත්‍රපටයක් වූයේ “වර්ජින්“ කෙටි චිත්‍රපටයයි. එය තරුණ කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනන අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති කරන පීඩනයන් පිළිබඳ ප්‍රබල ගවේෂණයකි. මෙම චිත්‍රපටය තුළ ඇගේ පෙම්වතා තම කන්‍යාභාවය ඔප්පු කරන ලෙස ඉල්ලා සිටින විට පීඩාවට පත් වන ශිෂ්‍යාවකට යොමුවන හානිකර පීතෘමූලික අදහස් මත පදනම් වූ ඉල්ලීමකි. මුලදී කම්පනයට පත්
සහ අවිනිශ්චිත, ගැහැණු ළමයා ඔහුට මුහුණ දීමට තීරණය කරයි. අවසානයේ ඔහුගේ කන්‍යාභාවය ප්‍රශ්න කිරීමෙන් චිත්‍රපටය අවසන් වෙයි. මෙම කෙටි චිත්‍රපටය හරහා පුර්’ධි ධිපත්‍ය තුළ කානතාවන්ගේ කන්‍යාභාවය සම්බන්ධව ඇති කරන මිත්‍යාවන්ට සහ ඒ පිළිබඳව දරන තදබල ආකල්පමය ප්‍රතිපත්ති අභියෝගයට ලක් කරයි.

ප්‍රධාන චරිතයේ ගමන හරහා, වර්ජින් කන්‍යාභාවය පිළිබඳ විෂ සහිත සංකල්ප පමණක්නො ව, කාන්තා ශරීර සහ ලිංගිකත්වය වටා ඇති පුළුල් සමාජ අපේක්ෂාවන් ද ගවේෂණය කරයි. මෙම චිත්‍රපටය කාන්තාවන්ගේ ලිංගික සහ ප්‍රජනන අයිතිවාසිකම් (SRHR) බොහෝ විට අන් අය විසින් පරීක්ෂා කර පාලනය කළ යුතු දෙයක් ලෙස සලකන ආකාරය පිළිබඳ සෘජු ගැටුමකි. සිසුන් සහ පීඨය ඇතුළු ප්‍රේක්ෂකයින්, චිත්‍රපටයේ කැමැත්ත, ස්වාධීනත්වය සහ කාන්තාවන් සහ පිරිමින් යන දෙදෙනාටම ගෞරවාන්විතව සහ පාරිශුද්ධත්වය හෝ පාලනය පිළිබඳ පෞරාණික සංකල්ප පැනවීමකින් තොරව එකිනෙකා සමඟ සම්බන්ධ වීමට බලය ලබා දෙන පුළුල් ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාවය නිරූපණය කිරීමට ප්‍රතිචාර දැක්වූහ.

කෙටි චිත්‍රපට ප්‍රදර්’ශනය අවසානයේ භෞතික විද්‍යා අධ්‍යයනාශයේ ආචාර්’ය ටී. කාතීස්වරන් විසින් ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතාවය සහ සමාජ අපේක්ෂාවන් අතර ඡේදනය ආමන්ත්‍රණය කරමින් සාකච්ඡාව ආරම්භ කරන ලදී. “ලිංගික අනන්‍යතාවය සමාජ සම්මතයන් මගින් හැඩගැසී ඇත, නමුත් එය පුද්ගලික සහ සංස්කෘතික වෙනස්කම් මත පදනම්ව පරිණාමය විය හැකිය. සැබෑ අභියෝගය වන්නේ මෙම පනවන ලද අනන්‍යතාවන්ගෙන් මිදීම සහ පුද්ගල තේරීම සඳහා අවකාශය නිර්’මාණය කිරීමයි,“ ඔහු පැවසීය. මෙම අවබෝධය ඡදඇර හි තේමාවන් සමඟ දැඩි ලෙස අනුනාද වූ අතර, එහිදී ප්‍රධාන චරිතය ලිංගික සූරාකෑමට මුහුණ දී ඒ වෙනුවෙන් නැගී සිටීමේ ශක්තිය දක්වයි. මේ අතර, ව්‍යාපාර අධ්‍යයන පීඨයේ මහාචාර්’ය ජී. ජයසීලන් සඳහන් කෙලේ මෙවැනි චිත්‍රපටවල බලය පවතින්නේ බොහෝ විට නොසලකා හරින සමාජීය ගැටළු වලට මුහුණ දීමට ප්‍රේක්ෂකයින්ට බල කිරීමේ හැකියාව තුළ බවයි. “ මෙම චිත්‍රපට හුදෙක් විනෝදාස්වාදය ලබා දෙන්නේ නැත. ඒවා ක්‍රියාවට නැංවීම, දැනුවත් කිරීම සහ පෙළඹවීම සිදු කරයි, ඔහු සඳහන් කළේ අසාධාරණකම් ඉස්මතු කිරීමේදී කතන්දර කීමේ තීරණාත්මක කාර්’යභාරය පිළිබිඹු කරමින් ය.

ජෛව විද්‍යා දෙපාර්’තමේන්තුවේ ආචාර්’ය එස්. විජයමෝහන් අවධාරණය කළේ SRHR යනු වරප්‍රසාදයක් නොව සිය පුද්ගලයින් සඳහා මූලික අයිතියක් බවයි. “පිරිමියෙකු පිරිමියෙකු වීම ගැන ආඩම්බර විය යුතු අතර කාන්තාවක් කාන්තාවක් වීම ගැන ආඩම්බර විය යුතුය. නමුත් ඉන් ඔබ්බට SRHR අයිතියක් විය යුතුය. ස්ත්‍රී පුරුෂ භාවය හෝ සමාජීය අපේක්ෂාවන් නොසලකා සෑම පුද්ගලයෙකුටම ප්‍රජනන සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය ලැබිය යුතුය. ආයතන විසින් කාන්තාවන්ට පූර්’ණ  දියුණුවක් ලබා දීම සඳහා ශාරීරික සෞඛ්‍ය සේවා පමණක් නොව අවශ්‍ය චිත්තවේගීය හා සමාජීය සහයෝගය ද සැපයිය යුතු බවද මෙහිදී ඔහු දැක්වූ කරුණු විය.

චිත්‍රපටවල ඉස්මතු කර ඇති ස්මාජය තුළ වර්’යනය වන ගැටවක් වන සයිබර් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (CGBV) වෙත ද සංවාදය යොමු විය. ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ කාන්තාවන් බොහෝ විට ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය ඉලක්ක කරගත් මාර්’ගගත හිංසනයට මුහුණ දෙන අතර, ඔවුන් භෞතික හා ඩිජිටල් ක්ෂේත්‍ර දෙකෙහිම මෙම හිංසනයට හොදුරු වෙයි. අන්තර්’ජාලය හරහා කාන්තාවන් මුහුණ දෙන හිරිහැර කිරීමේ වඩ වඩාත් සංකී‍ර්’ණ ක්‍රම ආමන්ත්‍රණය කිරීම සඳහා ශක්තිමත් ආයතනික ප්‍රතිපත්ති සහ සමාජීය දැනුවත්භාවයක අවශ්‍යතාවය විද්වත් මණ්ඩලය සාකච්ඡා කළහ.

උපකුලපති මහාචාර්’ය ඒ. අත්පුතරාජා වැනි සම්භාවනීය අමුත්තන්ගේ පැමිණීම මෙම ගැටළු වලට එරෙහිව සටන් කිරීමේදී ආයතනික මැදිහත්වීමේ වැදගත්කම අවධාරණය කළේය. විශ්ව විද්‍යාල ආරක්ෂාව සහ ගෞරවයේ අවකාශයන් විය යුතුය. “ප්‍රතිපත්ති පමණක් ප්‍රමාණවත් නොවේ. වෙනසට ආකල්පවල වෙනසක් අවශ්‍ය වේ” ඔහු පැවසුවේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමානාත්මතාවය සඳහා වූ මධ්‍යස්ථානය වැනි ආයතන විශ්ව විද්‍යාලය තුළ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ වෙනස්කම්ආ මන්ත්‍රණය කිරීම සඳහා පියවර ගෙන ඇති බව පිළිගෙන අගය කරමිනි. “දිවි ගලවා ගත් අයට ආරක්ෂිත බවක්, සවන් දීමක් සහ සහයෝගයක් දැනෙන පරිසරයක් අප නිර්මාණය කළ යුතුයි,“ ව්‍යාපාර අධ්‍යයන පීඨයේ ආචාර්ය කේ. කලෙයිනාදන් මහත්මිය තවදුරටත් පැවසුවාය.

ELEVATE චිත්‍රපට ප්‍රදර්’ශනය සහ විද්වත් සාකච්ඡාව, මෙම ගැටළු පිළිබඳව ක්‍රියා කිරීම සඳහා සිඳුකරන ලද පෙළඹවීමක් ලෙස කටයුතු කරන ලදී. සාකච්ඡා සහ චිත්‍රපට මගින් කාන්තාවන්ගේ ලිංගිකත්වය හා ප්‍රජනන සෞඛ්‍ය සහ ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකම ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්’ග ගැනීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරන ලදී. බෙදාගත් කථා හුදෙක් ප්‍රබන්ධ නොව ඒවා සජීවී අත්දැකීම් පිළිබිඹු කරන අතර, විශේෂයෙන් අධ්‍යයන හා වෘත්තීය සන්දර්’භයන් තුළ කාන්තාවන් නිහඬ කිරීමට සහ සූරාකෑමට බලය බොහෝ විට භාවිතා කරන ආකාරය පෙන්වන්නක් විය. ශ්‍රවණාගාරය හිස් වූ විට සහ සිසුන් ශාලාවල රැඳී සිටින විට එක් දෙයක් පැහැදිලි විය, තිරයේ කියන ලද කථා ඔවුන් තුළ වෙනසක්ඈති කර ඇත. පවර්, වර්’ජින් සහ අනෙකුත්චි ත්‍රපට මගින් ඇතිකරවන ලද ලද සාකච්ඡා, විශ්ව විද්‍යාල වැනි ආයතන තුළ කාන්තා අයිතිවාසිකම් පිළිගැනීම පමණක් නොව ක්‍රියාකාරීව ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා වගකිව යුතු ආකාරය පිළිබඳ තීරණාත්මක ප්‍රශ්න මතු කළේය. චිත්‍රපට හරහා, මෙම කාන්තා චිත්‍රපට නිෂ්පාදකයින් එලෙස සමාජය තුළ සංවාදය හැඩගැස්වීමට පටන් ගෙන තිබුණි. සැබෑ වෙනසක් කරා යන පළමු පියවර දැනටමත් දිග හැරෙමින් තිබුණි.