වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි මහතා පත්කෙරේ

0
25

NEWSNOW | – වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරයි.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්’ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනෙන් බැහැරව යාම හේතුවෙනි.

ඒ මහතා නැවත දිවයිනට පැමිණෙන තෙක් වැඩබැලීම සඳහා මෙම පත්කිරීම සිදු කර ඇත.

වෛද්‍ය හංසක විජේමුණි මහතා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්’ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර, ඒ මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබයි.