සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති ජිනීවා බලා පිටත් වෙයි

0
22

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා අද (18) ජිනීවා බලා පිටත්ව ගියේය.

“සෞඛ්‍යය සඳහා එක් ලෝකයක්” යන තේමාව යටතේ මැයි 19 සිට 27 දක්වා පැවැත්වෙන මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින නිලධාරීන් 5,000 කට අධික සංඛ්‍යාවක් එක්රැස් කර ගෝලීය සෞඛ්‍ය උපාය මාර්ග සහ ප්‍රතිපත්ති සාකච්ඡා කරනු ඇත.