ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ තව තවත් රැකියා ලබාදීමට තානාපතිවරයා පොරොන්දු වෙයි

0
40

NEWSNOW | –  ඊශ්‍රායල රාජ්‍යය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ තානාපති ලෙස අක්ත පත්‍ර බාරදුන් රැවෙන් අසාර් මහතා (Rewven Azar) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට අමාත්‍ය කාර්යාලයට පැමිණ තිබේ.

එහිදී දෙරට අතර පවතින විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ ආර්ථික, ආරක්ෂක හා රැකියා අංශවල දෙරටටම වාසිවන ආකාරයේ වර්ධනයක් ඇති කරගැනීම සඳහා සාර්ථක සාකච්ඡාවක් සිදුකෙරිණි.

විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ වනවිට ඊශ්‍රායලයේ විවිධ අංශවල රැකියාවන්හි යෙදෙන බවත් තව තවත් රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට ඊශ්‍රායල රජය කටයුතු කරන බවත් තානාපතිවරයා විජිත හේරත් අමාත්‍යවරයා වෙත දැනුම් දුන්නේය.

දැනට වසර කීපයක් පුරා වීසා අවසන් වීම නිසා විවිධ අසීරැතාවලට මුහුණ දී ඇති ශ්‍රී ලාංකිකයනට සමාවක් ලබාදී ඔවුන් ශ්‍රම බලකායට එකතු කරගැනීමට කටයුතු කරන ලෙසත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙසත් ඊශ්‍රායල රජයට දැනුම් දෙන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ඊශ්‍රායල රජය වෙත කඩිනමින් යොමුකිරීමට තානාපතිවරයා එකඟතාව පළ කළේය.