කෝටි 21 ක් වටිනා රත්තරන් තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටේදී අත්අඩංගුවට

0
113

NEWSNOW | – රුපියල් කෝටි 21 ක් වටිනා රත්තරන් තොගයක් , වාහන අමතර කොටස් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ  Red Channel  ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු  ඊයේ(15) අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතරින් එක් අයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. අනෙක් පුද්ගලයා මහනුවර, රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංච් 46 හැවිරිදි අයෙකි. ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන් ගමන් වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන්වේ.

මොවුන් දෙදෙනා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් ගෙන ආ ගමන් මලු තුළ තිබූ කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 700 ක් බර මෙම රත්තරන් තොගය , වාහන බෙයාරිං පද්ධති දෙකක් තුළ රන් බිස්කට් 21 ක් සහ වාහන සිසිලන පද්ධතියකට අදාල ජල පොම්ප කැබැලි තුළ, ඒ හැඩයට උණු කර සකස් කර තිබූ රන් කුට්ටි කීපයක් ද සහවා ගෙන තිබුණි.

පසුව මේ පිළිබද වැඩිදුර විමර්’ශන කටයුතු සදහා අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත මෙම ගුවන් මගීන් දෙදෙනා සහ ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්තරන් තොගය භාර දී තිබේ.