කටාර් සංචාරයෙන් ඇමෙරිකානු ජනාධිපතිට ලැබුණු ප්‍රතිලාභ

0
36

NEWSNOW | –   ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ගල්ෆ් සංචාරයේ දෙවන අදියර සඳහා ඊයේ(13) කටාර් අගනුවර වන දෝහා වෙත පැමිණියේය. කටාර්’හි එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි මහතා විසින් ඔහු වෙනුවෙන් උණුසුම් පිළිගැනීමක් ලබා දුන්නේය. මෙම සංචාරය දෙරට අතර සබඳතාවල ශක්තිය පෙන්නුම් කරයි.

ධවල මන්දිරය පැවසුවේ ට්‍රම්ප් සහ කටාර්’හි එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි “අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 1.2 ක් වටිනා ආර්’ථික හුවමාරුවක් ජනනය කරන” ගිවිසුම් අත්සන් කළ බවයි.

බොයිං 787 ඩ්‍රීම්ලයිනර් සහ 777X ගුවන් යානා 210 ක් දක්වා මිලදී ගැනීම සඳහා කටාර් එයාර්වේස් සමඟ ඩොලර් බිලියන 96 ක ගනුදෙනුවක් සහ කටාර්’හි අල් උඩයිඩ් ගුවන් කඳවුරේ සහ අනෙකුත් ගුවන් ආරක්ෂක හැකියාවන්හි ඩොලර් බිලියන 38 ක ආයෝජන සඳහා අභිප්‍රා ප්‍රකාශයක් මෙම ගිවිසුම්වලට ඇතුළත් වන බව කියනු ලැබේ.

ට්‍රම්ප් සිරියාවට එරෙහි සම්බාධක ඉවත් කිරීම පිළිබඳ විස්තර සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද, තුර්’කි සහ සිරියානු නිලධාරීන්ගේ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ගල්ෆ් රාජ්‍ය කලාපයේ ට්‍රම්ප්ගේ රටවල් තුනක සංචාරය බ්‍රහස්පතින්දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අවසන් වේ.