NEWSNOW | – වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ(12) දිනයේ දිවයින පුරා දන්සල් රැසක් සංවිධානය කර තිබු අතර සියලු දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වුණි.
නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
තවත් දන්සල් 17ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වාගෙන යාමට අවසර ලබාදී තිබේ.
අද (13) දිනයේත් පවත්වනු ලබන දන්සල් පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.