බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි. පස්දෙනෙකු මරුට

0
22

NEWSNOW| –  අද (11) අලුයම නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂය පත්ව ඇති බව පොලීසිය පවසයි.

තවත් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින බවද පොලීසිය පැවසීය.

කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙම මෙලෙස අනතුරට පත්ව ඇත.