ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා යන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

0
19

NEWSNOW | – ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා යන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

ඒ එරට පවතින ගැටුම් සමඟ මතුව ඇති ආරක්ෂක හේතූන් නිසාය.

අද (08) උදැසනද පකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්’තා වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර පාකිස්තානයේ ගුවන්තොටුපළ තුනක ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

රොයිටර් පුවත් ඒජන්සිය වාර්’තා කළේ පාකිස්තානයේ කරච්චි, ලාහෝර් සහ සියල්කොට් ගුවන්තොටුපළවල ගුවන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.