මානුෂීය මෙහෙයුමේදී LTTE භාරයේ තිබී සොයාගත් රන්භාණ්ඩ ගැන අද අධිකරණය දුන් තීන්දුව

0
29

NEWSNOW | – වසර 30ක මානුෂීය මෙහෙයුම පැවති සමයේ කොටි සංවිධානයේ කඳවුරු, නීති විරෝධී බැංකු ඇතුළු ගොඩනැගිලිවලින් සොයාගන්නා ලද මේ වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන රන් භාණ්ඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර පරීක්ෂා කර වාර්’ වක් කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්’ෂි හේරත් මහත්මිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබීය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම විමර්ශන සඳහා ඉල්ලා සිටි තවත් නියෝග කිහිපයක් නිකුත් කළාය.