NEWSNOW| – වසර1993 කම්කරු දිනයේ පැවති මැයි පෙළපාලියකදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දිවි පිදු හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ගුණ සමරුම් වැඩසටහනක් අද (01) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ උසාවිය අසලදී පැවැත්විණි.
ඒ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පාර්ලිමෙින්තු මන්ත්‍රීවරැ සහ සම්භාවනීය අමුත්තන් රැසක් සම්බන්ධ වූහ.
එක්සත් ජාතික පක්ෂය විසින් 1993 මැයි මස 01 වැනි දින පැවැත්වූ මැයි දින පෙළපාලියකට එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාද එක්වී සිටි අතර එම පෙළපාලිය කොළඹ ආමර්වීදිය වෙත පැමිණි අවස්ථාවේදී LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් පුපුරවාගත් බෝම්බයකින් රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා එළෙස ඝාතනය වී මේ වන විට වසර 32ක් ගතවන අතර ඒ මහතා සිහි කරමින් අද මෙම සැමරුම් වැඩසටහන පැවැත්වුණි.

