බස් අනතුරකින් 30 දෙනෙකු රෝහලේ

0
110

NEWSNOW | –  බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු රෝහල් ගතකර තිබේ.

තුවාලකරුවන් තංගල්ල රෝහලට හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

අද (29) උදෑසන බෙලිඅත්ත පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී එම අනතුර සිදුව ඇත.

අනතුර සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්’ශන සිදුකරයි.