ළමා මරණ වලට පශ්චාත් මරණ පරීක්ෂණය අනිවාර්ය කිරීම තාවකාලිකව අත්හිටුවයි!

0
119

NEWSNOW| – වයස අවුරුදු පහට අඩු ළමා මරණ වල දී පශ්චාත් මරණ පරීක්ෂණ නොපැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කර ඇත.

2025.04.25 දින ලිපියක් යොමු කරමින් පැවසුවේ වයස අවුරුදු 5ට  අඩු දරුවන්ගේ පරණ (ළමා මරණ) අනිවාර්යයෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කරන ලෙසයි.

එකී ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් මගින් සමාලෝචනය කොට එකී කමිටු නිර්දේශය ලැබෙන තෙක් යථෝක්ත ලිපියෙහි ක්‍රියාකාරීත්වය අත්හිටුවන බවට එම අමාත්‍යංශය කාරුණිකව දැනුම් දෙයි.