තැපැල් ඡන්දය සලකුණු කිරීම අද තුන්වන දිනයටත්

0
122

NEWSNOW | – පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ තෙවන දිනය අද ක්‍රිය්ටාත්මක කෙරේ.

පසුගිය දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වු සුදුසුකම් ලත් රාජ්‍ය නිලධාරීන්ට අද (28) සහ හෙට (29) දිනයේ දී ඒ සදහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.