NEWSNOW| – මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද(25)දෙවන දිනයට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම පවසයි.
කිසියම් රාජ්‍ය නිලධාරියෙකුට අද දිනයේත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූයේ නම් ලබන 28 සහ 29 යන දෙදින ද ඒ සඳහා අවස්ථාව ලබාදී ඇත.
රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවී තිබේ.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුන් 648,495 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.