NEWSNOW | – මේ වන විට මහනුවර නගරයට පැමිණෙන සියළු මාර්’ග අවහිර වී ඇති බැවින් තවදුරටත් මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලීමක් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.
මෙම ඉල්ලීම කළේ අද (24) උදෑසන පැවති දිසාපතිවරුන්ගේ විශේෂ සාකච්ජාවකින් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
මේ වන විටත් ලක්ෂ 4කට පිරිසක් මහනුවර ප්‍රදේශයේ රැඳී සිටිමින් සිරි දළදා වන්දනාවට යාමට අපේක්ෂාවෙන් සිටින බව පැවසීය.
එසේම වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්’ය සරත් අබේකෝන් මහතා පැවසීය.
එහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ, සෞඛ්‍ය අංශවල ඉල්ලීම අනුව මේ වනවිට මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු බවයි.එම නිසා තවදුරටත් ජනතාව මහනුවරට ඒකරාශී වුවහොත් සියළු දෙනාම අපහසුතාවයට පත්වන බව ඔහු පෙන්වා දෙයි.