NEWSNOW| – සැමදා සහජීවනය අගය කළ, ලෝක ගෞරවාදරයට පත් වූ අති උතුම් ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව බලවත් සංවේගය ප්‍රකාශ කරන බව ධර්ම ශක්ති සංවිධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පැවසුවේ සියලු ජාතීන්ගේ හා ආගමිකයන්ගේ යුක්තිය හා සාධාරණ ය වෙනුවෙන් මෙන්ම විශේෂයෙන් ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටි උන්වහන්සේ රටවල් අතර සිදුවන බල අරගලයන් අරභයා සිදු කරන යුද ගැටුම් සමනය කිරීම සදහා මහත් වෙහෙසක් ගත් උතුමෙකු බවය. ඒ වෙනුවෙන් ලෝකයේම උතුම් ආගමික නායකයෙකු ලෙස උන්වහන්සේගෙන් ඉටුවූ සුවිශාල මෙහෙය අගය කළ යුතු බව එහි දැක්වේ.
ධර්’ම ශක්ති සංවිධානයේ සභාපති , අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය මාදම්පාගම අස්සජි තිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ නිළධාරී මඩුල්ල විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
එම නිවේදනය මෙසේය.